කසාගල වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යකෂ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අධ්යක්ෂ ආචාර්ය රංජිත් පීරිස්
ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම කෘෂිකර්මාන්තය මත පදනම් වූ රටකි. ඈත අතීතයේ රටේ ආර්ථිකයේ ප්‍රධාන පදනම වූයේ කෘෂිකර්මාන්තයයි. අතීත රජවරු වැව්-අමුණු, ඇල-වේලි ඉදි කරමින් කෘෂිකර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කළේ මේ නිසාය.එහි ප්‍රතිඵලක් හැටියට ලෝකයේ දියුණුම වාරි තාක්ෂණයට හිමිකම් කීමට අපට හැකි විය. අතීතයට සාපේක්ෂව වර්තමානයේ ශ්‍රී ලංකා ආර්ථිකය විවිධාංගීකරණය වී ඇතත් තවමත් ග්‍රාමීය ආර්ථිකයේ 80% ක් පමණ රදා පවතින්නේ කෘෂිකර්මාන්තය මතයි. වෙනත් ආකාරයකට කිවහොත් ග්‍රාමීය ජනතාවගෙන් 80% කගේ පමණ ජීවනෝපාය මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තයයි. තවමත් ශ්‍රී ලංකාවේ දළ දේශිය නිෂ්පාදිතයට කෘෂිකර්මාන්තය සැකිය යුතු දායකත්වයක් ලබා දෙයි.
නමුත් වර්තමානය වනවිට ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රමුඛත්වය ලබා දෙන්නේ වෙනත් අංශවලින් රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සදහා ය. ඒ අනුව විදේශ ආයෝජන, සංචාරක ව්‍යාපාරය, විදේශගත ශ්‍රමිකයන් යනාදී මාර්ගවලින් ආර්ථිකය සංවර්ධනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙයි. විටින් විට බලයට පත්වන ආණ්ඩු මගින් ඒ සදහා විවිධ සහන සහ පහසුකම් සලසති. නමුත් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස සලකා කෘෂිකර්මාන්තය දියුණු කර එය පදනම් කරගෙන කාර්මික සංවර්ධනයක් ඇති කළේ නම් අද තවමත් අපේ රට සංවර්ධනය වෙමිත් පවතින රටක් වන්නේ නැත.
ඉන්දියාව නිදහසෙන් පසුව ඔවුන්ටම ආවේනික වූ ජාතික ප්‍රතිපත්තියක් මත කෘෂිකර්මාන්තය සංවර්ධනය කර කර්මාන්ත සංවර්ධනයක් ද අත්කරගෙන ලෝකයේ හය වැනි බලවතා බවට පත් විය. නමුත් අපේ රටේ එවැනි සංවර්ධනයක් සිදු නොවූ අතර ශ්‍රී ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින තත්වයේ පවතින්නේ ඒ නිසාය. රටේ ජනතාවට අනේක විධ දුෂ්කරතාවලට මුහුණ දීමට ද සිදුව තිබේ. වරින් වර බලයට පැමිණි ආණ්ඩු කෘෂිකර්මාන්තයේ අභවෘද්ධිය වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තිබුණත් දීර්ඝ කාලීන ජාතික වැඩපිළිවෙළක් යටතේ කෘෂිකර්මාන්තය සම්බන්ධව තිරසාර බවක් අත්කරගෙන නැත.

වර්තමානය වනවිට කෘෂිකාරිමික නිෂ්පාදන සදහා ගෝලීය වෙළෙදපොළ තුළ විශාල ඉල්ලුමක් පවති. අනාගතය දුටු ජාතික ප්‍රතිපත්තියක් යටතේ කෘෂිකර්මාන්තය දියුණු කළේ නම් වර්තමාන ගෝලීය වෙළෙදපොළ අල්ලා අපනයන ආදායම වැඩි කර ගැනීමට හැකියාව තිබිණ. ලෝකය දැන් ගමන් කරමින් සිටින්නේ හරිත ආර්ථිකයක් ඔස්සේය. හරිත ආර්ථිකයක් ගොඩ නැගීමට අවශ්‍ය සියළුම සම්පත් අප රට සතුව පවතී. නමුත් අවාසනාවකට රටේ ගොඩ-මඩ ඉඩම් ලක්ෂ ගණනක් වර්තමාකනය වනවිට පුරන් වෙමින් පවතී. රටේ තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් දුරස් වෙමින් පවතී. තරුණ පරපුර වෙනත් රැකියා අවස්ථා සොයා යති. මේ නිසා කෘෂිකර්මාන්තය සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් සකස් කර නවීන තාක්ෂණය මත පදනම් වූ වාණිජ සහ විද්‍යාත්මක වගාවන්ට ඔවුන්ව යොමු කරන වැඩපිළිවෙළක් අවශ්‍ය ය. එවැන්නකදී ඊට සාපේක්ෂව ජනතාව දැනුවත් කරන වැඩසටහන් ද ක්‍රියාත්මක කළ යුතුය.
බෝග වගාව හරියට කළොත් පාඩු ලබන ජීවනෝපාය මාර්ගයක් නොව වැඩි ලාභයක් ලැබිය හැකි ජීවනෝපාය මාර්ගයකි. නමුත් නොදැනවත්භාවය සහ නිසි උපදේශන වැඩපිළිවෙළක් නොමැති නිසා බෝහෝ අය බෝග වගාවේ නිරත වන්නේ නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව නොවේ. ඒ නිසා ගොවිතැනෙන් අඛණ්ඩව පාඩු ලැබෙන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් දැනට කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන් පවා වගා කටයුතුවලින් ඉවත් වෙමින් සිටිති. මෙය කෘෂිකාර්මික ක්ෂේත්රයේ වර්තමානයේ පවතින බලපතල ගැටළුවකි. යම් වගාවක් කිරීමට ප්‍රථම එම වගාවේ අස්වනු නෙලන කාලයට අස්වනු සදහා වෙළෙදපොළ ඉල්ලුමක් සහ හොද මිලක් පවතීද යන්න සොයා බැලිය යුතුය. නමුත් බෙහෝ ගොවීන් වගා කරන්නේ එවැනි සොයා බැලීමකින් තොරවයි. දැනට පවතින සාමාන්‍ය තත්වය වන්නේ එකම බෝගය විශාල පිරිසක් එකම කන්නයේදී වගා කිරීමයි. මෙහි ප්‍රතිපලයක් වශයෙන් ඒ සියළු දෙනාටම හොද වෙළෙපොළ මිලක් ලැබෙන්නේ නැත. මෙහිදී දත්ත පදනම් කරගත් කෘෂිකර්මාන්තයට රට ගෙන යා යුතුය.
අනික් කාරණය වන්නේ සෑම බෝගයක් සෑම ප්‍රදේශයකම වගා කළ නොහැකිය. පසේ පවතින වෙනස්කම්, දේශගුණික සහ පාරිසරික තත්වයන්, පලිබෝධ සහ රෝග හානි අවදානම් මේ සදහා බලපායි. නමුත් බොහෝ ගොවීන් වගා කරන්නේ මේ පිළිබද නිවැරදි සොයා බැලීමකින් තොරවයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ගොවීන්ට පාඩු සිදු වන අතර ඔවුන්ට ගොවිතැන එපා වේ. නමුත් මේ කාරණය සම්බන්ධව ගොවීන්ට පමණක් දොස් පැරීම සාධාරණ නොවේ. මෙහිදී විද්‍යාත්මක ගොවිතැනකට ගොවීන්ට පහසුකම් සැලසිය යුතුය. එසේම රටේ භූමිය කෘෂිකාර්මික කලාපවලට වෙන් කර බෝගවගාව පිළිබද විශේෂඥයන්ගේ මග පෙන්වීම යටතේ ඒ ඒ කලාපයේ වගා කරන බෝග වර්ග නිශ්චය කළ යුතුය. එවිට වගා බිමෙන් උපරිම අස්වැන්නක් ලබා ගෙන හොද මිලක් ද ලබා ගත හැකිය.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ වර්තමානයේ පවතින ඉතාමත් බරපතල ගැටලුවක් වන්නේ අල, ලූනු වැනි බෝගවල අස්වනු නෙලන කාලයට පිටරටින් ඒවා ගෙන්වීමයි. මේ කාරණය සමබන්ධව සෑම ආණ්ඩුවකට ම ගොවීන්ගෙන් චෝදනා එල්ල වී තිබේ. ගොවීන් නිරන්තරයෙන් චෝදනා කරන්නේ ආනයනය කරන නිෂ්පාදන නිසා තමන්ගේ නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබෙන බවයි. මෙහිදී ගොවියාටද පාරිභෝගියාටද සාධාරණයක් ඉෂ්ට වෙන විසදුමක් සහ ප්‍රතිපත්ති සකස් කළ යුතුය.
සෑම රජයක් ම පොහොර සහනාධාර සහ වගා හානි සදහා වාර්ෂිකව මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කරයි. මෙවැනි ක්‍රමවේදයකින් රටේ තිරසාර කෘෂිකාර්මානත්යක් ඇති කළ නොහැකිය. නවීන තාක්ෂණය පදනම් කරගත්, විද්‍යාත්මක සහ වාණිජ කෘෂිකර්මාන්තයට මාර්ගය සකස් කළොත් පොහාර සහනාධාර සදහා සහ වගා හානි සදහා මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කිරීමට සිදු නොවේ. එපමණක් නොව යැපුම් කෘෂිකර්මාන්යෙන් ද අත්මිදිය හැකිය.
සාම්ප්‍රදායික බෝග වර්ග වගාවෙන් ඔබ්බට ගොස් දේශිය සහ විදේශිය වෙළෙදපොළේ වැඩි ඉල්ලුමක් ඇති නව බෝග වර්ග වගා කිරීම සදහා ගොවි ජනතාව දැනුවත් කළ යුතුය. දැනට පුරන් වී ඇති ගොඩ සහ මඩ ඉඩම්වල සාර්ථකව වගා කළ හැකි නව බෝග වර්ග ගණනාවක් ඇත. බොහොමයක් බෝග වර්ග වගා කිරීම සදහා අවශ්‍ය බීජ වර්ග විදේශ රටවලින් ආනයනය කරයි. ගොවීන් ඒවා මිලදී ගැනීමට සිදුවී ඇත්තේ වැඩි මිලකටයත මේ නිසා රෝග සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන වැඩි අස්වැන්නක් ලබා දෙන මුල් බීජ නිෂ්පාදනය සදහා ප්‍රමුඛත්වය ලබා දිය යුතුය.
රටේ ආර්ථික සංවර්ධනය සදහා කවුරුන් හෝ මෙවැනි වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුය. කසාගල සමූහ ව්‍යාපාරය වර්තමානය වනවිට ආරම්භ කර ඇත්තේ එම වැඩපිළිවෙළයි. ගොවි ජනතාවත්, ගොවිතැනට අවතීර්ණ වීමට කැමැත්තක් දක්වන තරුණ පිරිසත් එක් කරගෙන කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් කිරීමට අප සැසුම් කර ඇත. අප රටෙන් යමක් ගැනීමට ප්‍රථම අපි රටට යමක් දිය යුතුය. අපේ අරමුණ රට සහ ජනතාව වෙනුවෙන් එම යුතුකම ඉෂ්ට-සිද්ධ කිරීමයි. එහිදී කෙටි කාලීන බෝග මෙන්ම ස්ථිර බෝග වගා කිරීමට සැලසුම් කර ඇත.
කසාගල සමූහ ව්‍යාපාරය
කසාගල වැවිලි සමාගම කසාගල සමූහයේ මව් සමාගමයි. අපි ශ්‍රී ලංකාවේ එකිනෙකට සම්බන්ධ සහ එසේ නොවන ව්‍යාපාරික ක්ෂේත්‍ර කීපයක විවිධාංගීකරණය වූ ව්‍යාපාරික මෙහෙයුම් කරමින් ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් දහය අතරට පැමිණීමේ පැහැදිලි දැක්මක් ඇතිව ක්‍රියාත්මක වන්නෙමු. කසාගල සමූහ ව්‍යාපාරය වෘත්තිකයන්ට වැඩ කිරීමට වඩාත් හොදම ස්ථානයක් වන අතර එහිදී ඔවුන්ට ලබාදී ඇති වගකීම් ඉෂ්ට කිරීම සදහා කැපවී සිටින කණ්ඩායමක් අපි ගොඩ නගන්නෙමු.
අපගේ සංකල්පය
අපගේ මූලික සංකල්පය වන්නේ කෘෂිකර්මාන්තයේ තිරසාරත්වය සහ හරිත ආයෝජනය මඟින් ආයෝජකයින්ට, ප්‍රජාවන්ට සහ පරිසරයට එකසේ දිගුකාලීන ප්රතිලාභ ලබා දීමයි. කසාගල වගා ව්‍යාපෘති මූලික මූලධර්ම තුනන් යටතේ ක්‍රියාත්මක වේ.
- තිරසාර සැපයුම් දාම
පාරිසරික සෞඛ්‍ය සහ සම්පත් සංරක්ෂණයට ප්‍රමුඛත්වය දෙන පරිසර හිතකාමී සහ සෘජු සැපයුම් දාමයන් - ස්ථාපිත කිරීම.
සාධාරණ වෙළඳාම සහ ප්‍රජා සහාය තුළින් ගොවීන් නඟා සිටුවීමට සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ට සහාය වන සාධාරණ වෙළෙඳ පිළිවෙත් අනුගමනය කිරීම. - ප්‍රායෝගිකත්වය සහ කාබනික විශිෂ්ටත්වය
විචක්ෂණශීලී ගෝලීය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා කාබනිකව වගා කරන ලද හොඳම නිෂ්පාදන පමණක් පිරිනැමීම.
ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් කසාගල වගා ව්‍යාපෘතිය ආරම්භ කිරීම තුළින් මෙරටට විදේශ විනිමය ගෙන ඒමේ අවස්ථාව උදාවන අතර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ද හැකිවනු ඇත. බෙල් පෙපර් සඳහා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින අතර ඒ සඳහා ඉහළ මිලක් ලබා ගත හැකිය. මෙම ව්‍යාපෘතිය යෝජනා කරන පාරිභෝගිකයින්ට වැඩි ප්රතිලාභ ලබා ගත හැකි අතර බෙල් බෙපර් වගාව ග්‍රාමීය ජනතාව අතර ව්‍යාප්ත කරමින් තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ. ව්‍යාපෘතියේ කටයුතු කරන සියලුම දෙනාට මෙම ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ධෛර්යය සහ ශක්තිය ලබා දෙන්නෙමු.
අපේ දැක්ම
ගුණාත්මකභාවය, පාරිසරික භාරකාරත්වය සහ ප්රජාවන්ගේ ආර්ථික උන්නතිය සඳහා ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකර්මාන්තයේ සහ හරිත ආයෝජනවල ප්රමුඛයෙකු වීම අපේ දැක්මයි. කසාගල වැවිලි සමාගම අනාගත පරපුරට ස්වභාවධර්මය සුරකිමින් ඉහළ ප්රතිලාභ ලබා දෙන වගකීම් සහිත ගොවිතැනට හා ආයෝජනයට මාර්ගය සකස් කර දෙන්නෙමු.
අපේ මෙහෙයුම
අපගේ මෙහෙයුම වන්නේ පාරිසරික තිරසාරභාවය සහ ආර්ථිකය සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කරන ගමන් ඉහළම තත්ත්වයේ බෙල් පෙපර්, කළු ගම්මිරිස්, TJC අඹ, ස්කොච් බොනට් සහ කුරුඳු වගා කිරීමයි. රටේ ජාතික අවශ්‍යතාව සඳහා සදාචාරාත්මක, තිරසාර සැපයුම් දාමයන් ද මෙහිදී ස්ථාපිත කරනු ලබයි. ආයෝජකයින් ගොවීන්ගේ ජීවනෝපාය සඳහා සහාය වීම සහ ශ්‍රී ලංකා අපනයන වෙළෙඳපොළේ වර්ධනයට දායක වීම සදහා කටයුතු කරන්නෙමු.
සැලැස්ම සහ ඉලක්ක
කසාගල වැවිලි සමාගමේ සැලැස්ම සහ ඉලක්ක තිරසාර වර්ධනය, උසස් තත්ත්වයේ නිෂ්පාදනය සහ පාරිසරික සුරක්ෂිතාව වටා කේන්ද්‍රගත වී ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ හරිත ආයෝජන මෙහෙයවන ප්රමුඛ කෘෂිකාර්මික සමාගමක් ලෙස ස්ථානගත කිරීමේ අරමුණෙන් අපි ක්‍රියා කරන්නෙමු.
